Stock Statistics

Thursday, February 27, 2014

Nestle දෙසැම්බර් කාර්තුවේ ලාභ 22% කින් වැටේ

දේශීය කිරි එකතු කිරීම් ඉහල ගොස් ඇතත්, කිරිපිටි භාවිතය සම්බන්ධ පාරිභෝගික විශ්වාසය තරමක් බිඳ වැටී තිබීම හේතුවෙන් Nestle Lanka සමාගමේ දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේ ලාභය රු.මි. 697ක් දක්වා සියයට 22කින් පහළ වැටී ඇත. සමාගමේ නවතම අතුරු ගිණුම් වාර්තාවන්ට අනුව 2013 දෙසැම්බර් කාර්තුව සඳහා කොටසක ඉපැයුම රුපියල් 12.99ක අගයක පවතින අතර දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස 9 සඳහා කොටසක ඉපැයුම රුපියල් 61.51ක අගයක පවතී. කෙසේ වෙතත් 2012 දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුව සඳහා කොටසක ඉපැයුම රුපියල් 16.65ක අගයක පැවති අතර දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස 9 සඳහා කොටසක ඉපැයුම රුපියල් 54.70ක අගයක පැවතිණි. සමාගමේ 2013 දෙසැම්බර් කාර්තුවේ ආදායම පෙර වසරට සාපේක්ෂව රු.බි. 7.8ක් දක්වා සියයට 8.2 කින් ඉහළ ගොස් ඇති අතර විකුණුම් වියදම රු.බි. 5.2ක් දක්වා සියයට 9.1 කින් ඉහළ ගොස් ඇති බව ද සමාගමේ අතුරු ගිණුම්වලින් හෙළි වේ. මීට අමතරව Nestle Lanka සමාගමේ දෙසැම්බර් කාර්තුවේ දළ ලාභය පෙර වසරට සාපේක්ෂව රු.බි. 2.5ක් දක්වා සියයට 6.3 කින් ඉහල ගොස් ඇති බව ද සමාගමේ ගිණුම් වාර්තා කරයි. www.vimasuma.com

No comments:

Post a Comment