Stock Statistics

Sunday, March 2, 2014

ආයෝජනයට අත්වැලක් - 01

ව්‍යාපාර කොටස් යනු මොනවාද?
 ඉතාම සරලව කොටසක් යනු සමාගමක ආංශික අයිතිය හිමිකර දෙන්නකි. එනම් ඔබ ඕනෑම සමාගමක එක් කොටසක් හෝ කොටස් කිහිපයක් හිමිකරුවෙකු නම් ඔබට අදාල සමා‍ගමේ ආයෝජන කිරීම හේතුවෙන් ලාභාංශ හා අනෙකුත් ප්‍රතිලාභ මෙන්ම මහා සභා රැස්වීම් වල ඡන්දය භාවිත කිරීමේ අයිතියද හිමිවෙයි.


සමාගම් කොටස් නිකුත් කරන්නේ ඇයි?

සමාගම් කොටස් නිකුත් කරන්නේ ආයෝජකයන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් ප්‍රාග්ධනය ලෙස යොදා ව්‍යාපාර පුලුල් කිරීමටයි. සිය අරමුදල් සදහා මුදල් ණයට ලබා ගැනීම මගින් හෝ බැදුම්කර නිකුත් කළ හොත් මේවා ණය ප්‍රාග්ධනය ලෙස අර්ථකතනය කෙරේ. යම් සමාගමක් කොටස් නිකුත් කිරීම හරහා මුදල් උපයා ගනී නම්, මෙම අරමුදල් කොටස් ප්‍රාග්ධනය ලෙස හැදින්වේ.


ලේඛනගත සමාගම් යනු මොනවාද?

සමහරවිට සමාගම තම තත්වය වර්ධනය කරගැනීම සදහා කොටස් වෙළද පොළක ලේඛනගත වී ආයෝජකයන්ට කොටස් නිකුත් කිරීම කරයි. මෙය මූලික කොටස් නිකුතුවයි. මෙලෙස ලේඛනගත සමාගමක් වීම හරහා තම සමාගමේ කොටස් අදාල රටේ කොටස් වෙළද පොළ තුළ ගනුදෙනු කිරීමේ හැකියාව ලබයි. මෙවැනි සමාගම් ලේඛනගත් සමාගම් ලෙස හදුන්වයි. මොවුන් ලේඛනගතවීමේදී අදාල කොටස් වෙළද පොලේ පවතින ලේඛනගතවීමේ රීතීන් අනුගමකය කළ යුතු අතර එහිදි පූර්ව ලාභ වාර්තා, නිකුතු ප්‍රාග්ධනය, අවම කොටස් හිමියන් ප්‍රමාණය හා අනෙකුත් නානාවිධ තොරතුරු මහජනයා වෙත අනාවරණය කළ යුතුය.

No comments:

Post a Comment