Stock Statistics

Sunday, March 16, 2014

SLT ගෙන් ආකාස නම් Cloud Computing සේවයක්

අධිවේගී පුඵල් පරාස Broadband තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම්, ආකාස නමින් නව Cloud Computing සේවාවක් අරඹයි.


ලොව පුරා මහා පරිමාණ ව්‍යාපාරවල සිට සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ව්‍යාපාරික ආයතන සිය පිරිවැය අවම කර ගනිමින් කාර්යක්ෂමතාව නංවා ගැනීම සඳහා මෙම Cloud Computing යොදා ගන්නා බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"අධිවේගී පුඵල් පරාස තාක්ෂණය යොදා ගැනීම හින්දා අපට මේ ක්ෂේත්‍රයේ විශාල විභවයක් දකින්නට පුඵවං." යැයි ප්‍රධාන විධායකවරයා කියයි.

ඔවුන්ගේ නව ක්‍රමවේදය හරහා ව්‍යාපාරික ආයතනවලට විශාල දත්ත ගබඩා කිරීමේ පහසුකම්, තාක්ෂණික නිළධාරීන් හා මිළ අධික මෘදුකාංග භාවිත නොකර තම ආයතනවලට අවශ්‍ය පරිඝණක පද්ධති පවත්වා ගෙන යාමේ පහසුව සැලසේ.

මීට අනුබද්ධව පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික සේවාවක් ඇති අතර පද්ධති ආරක්ෂාව හා අධිවේගී දත්ත සම්ප්‍රේශණය සම්බන්ධයෙන් ද කාර්යක්ෂම සේවාවක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ටෙලිකොම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

www.vimasuma.com

No comments:

Post a Comment