Stock Statistics

Wednesday, March 12, 2014

විදේශිකයින් කොටස් විකිණීමේ රැල්ල වැඩිවුණේ ඇයි ?

මේ දිනවල කොළඹ කොටස් වෙළඳ පොළේ දකින්නට තිබෙන ප්‍රවණතාවයක් වන්නේ මෙරට මහා පරිමාණ සමාගම්වල විදේශීය ආයෝජකයින් මිලදීගෙන තිබෙන කොටස් විශාල ප්‍රමාණයෙන් විකුණන රැල්ලක් මතුවීමයි.

පසුගිය සති කිහිපයේදී මේ ආකාරයෙන් රුපියල් බිලියන ගණනක් වටිනා කොටස් විකුණා විදේශීය ආයෝජකයින් සිය මුදල් තම රට වලට රැගෙන ගියේය.

මෙම රැල්ලට හේතුව
පසුගිය කාලයේදී ඇමරිකානු මහ බැංකුව විසින් දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා මුදල් සැපයුම වැඩිවුවත් මුදල් අච්චු ගැසීම මේ වනවිට ඇමරිකානු මහ බැංකුව විසින් නවතා තිබීම නිසා මුදල් සැපයුම වෙනදාට වඩා අඩුවී තිබේ.

මේ නිසා, ආයෝජකයින් තමන්ට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා සිය විදේශ වත්කම් විකුණා දැමීම ආරම්භ කර තිබේ.

මෙහිදී, ඔවුන් මුලින්ම මුදල් බවට හරවන්නේ අවධානම අධික කොටස් වෙළඳ පොළවල සිදුකරන ලද ආයෝජනයි. මෙම ප්‍රවණතාවය අනුව යමින් මේ දිනවල ඉන්දියාව, චීනය වැනි රටවල කොටස් වෙළඳ පොළවල විදේශීය ආයෝජකයින් සිදුකර තිබෙන ආයෝජනද විශාල ප්‍රමාණයෙන් තම රට වලට රැගෙන යාමේ රැල්ලක් ඇතිවී තිබේ.

 මෙහි ආර්ථික ප්‍රතිවිපාක
විදේශිකයින් විසින් මිලදීගෙන තිබෙන කොටස් වැඩිපුර විකුණන විට මෙරට ඩොලර් සංචිතයේ අඩුවීමක් සිදුවන නිසා එය විනිමය අනුපාතය මත පීඩනයක් ඇති කිරීමට හේතුවේ. එනම් එය රුපියල අව ප්‍රමාණය වීමට හේතුවක් විය හැකිය.

මීට අමතරව, කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල අඩුවීමටද මෙම ප්‍රවණතාවය හේතුවක් විය හැකිය.

විශ්ලේෂණය කර බැලීමේදී පෙනී යන්නේ විදේශිකයින් කොටස් විකුණන රැල්ල තවත් මාස කිහිපයක් තිබිය හැකි බවයි.

http://www.adaderanabiz.lk

No comments:

Post a Comment