Stock Statistics

Monday, March 17, 2014

රේනුක විජයවර්ධන CSE එකේ අලුත් COO වෙයි

කොළඹ කොටස් වෙළඳපළේ නියාමන කටයුතු සම්බන්ධ සහකාර සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ රේනුක විජයවර්ධන මාර්තු පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි එහි ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරීවරයා (COO) ලෙස පත් කොට ඇත.


කොටස් වෙළඳපළේ නව මූලෝපායික විධානයන්ට අනුව ඔහු විසින් Trading and Market Surveillance Division, Listings and Corporate Affairs Division, Broker Supervision Division සහ Central Depository Systems යන අංශවල කාර්යයන් නිරීක්ෂණය කරනු ඇත.

වෘත්තියෙන් නීතිඥයකු වන රේනුක කොටස් වෙළඳපළේ වසර 20කට අධික අත්දැකීම් ඇති තැනැත්තෙකි.
කොටස් තැරැව්කරුවන් සවිබල ගන්වමින් කොළඹ කොටස් වෙළඳපළ, විස්තීර්ණ හා වේගවත් වෙළඳපළ පුඵල් කර ගැනීමේ ප්‍රයත්නයක මේ වන විට යෙදී සිටී.

www.vimasuma.com

No comments:

Post a Comment